Thursday, April 25, 2024

General line - 0115112241

ලෝක පාපන්දු කිරුළ වෙනුවෙන් කණ්ඩායම් 32ක් අද සිට සටනේ

කසුන් කැළුම්




මෙවර රුසියාවේ පැවැත්වෙන 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට කාණ්ඩ 8ක් යටතේ තරග වදින රටවල් සංඛ්‍යාව 32ක්.

A කාණ්ඩයෙන් සත්කාරක රුසියාව, සෞදි අරාබිය, ඊජිප්තුව සහ උරුගුවේ කණ්ඩායම් තරග වදිනවා.

B කාණ්ඩයෙන් තරග වදින්නේ  ප‍්‍රබල පෘතුගාලය , ස්පාඤ්ඤය, මොරොක්කාව සහ ඉතාලියයි.

C කාණ්ඩයෙන් ප‍්‍රංශය,  ඔස්ටේ‍්‍රලියාව, පේරු රාජ්‍ය සහ ඩෙන්මාර්කය තරග වදිනවා.

D කාණ්ඩයෙන් තරග වදින්නේ ප‍්‍රබල ආර්ජන්ටිනාව, අයිස්ලන්තය, ක්‍රොඑ්ෂියාව සහ නයිජීරියාවයි.

E කාණ්ඩයෙන් ප‍්‍රබල බ‍්‍රසීලය, ස්විට්සර්ලන්ත්ය , කොස්ටාරිකා රාජ්‍ය සහ සර්බියාව තරග වදිනවා.

F කාණ්ඩයෙන් වත්මන් පාපන්දු ලෝක ශූරයන් වන ජර්මනිය, මෙක්සිකෝව, ස්වීඩනය සහ දකුණු කොරියාව තරග වදිනවා. 

G කාණ්ඩයෙන් බෙල්ජියම, පැනමා රාජ්‍ය, ටියුනීසියාව සහ ප‍්‍රබල එංගලන්තයයි.

H කාණ්ඩයෙන් තරග වදින්නේ පෝලන්තය, සෙනගාලය, කොලොම්බියාව සහ ජපානයයි.  

තවමත් ප‍්‍රබලයා බ‍්‍රසීලය...
පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරයින් බවට පත්ව ඇත්තේ බ‍්‍රසිලයයි. ඔවුන් අවස්ථාව 5කදී පාපන්දු ලෝක ශූරයින් බවට පත් වූ අතර ජර්මනිය සහ ඉතාලිය අවස්ථා 4 බැගින් පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගත්තා. පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ආර්ජන්ටිනාව සහ උරුගුවේ කණ්ඩායම් අවස්ථා දෙක බැගින්  ලෝක ශූරයන් බවට පත්ව ඇති අතර ප‍්‍රංශය, එංගලන්තය සහ ස්පාඤ්ඤය එක් අවථාව බැගින් පාපන්දු ලෝක ශූරයන් බවට පත් වුණා.

පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතාහාසයේ වැඩිම වාර ගණනකදී අවසන් මහ තරගයට පිවිස ඇත්තේ ජර්මනියයි. ඔවුන් අවස්ථා 4කදී අනුශූරයින් බවට පත් වූයේ අවසන් මහ තරග 8කට සුදුසුකම් ලබමින්.

අවසන් මහ තරග 7කට සුදුසුකම් ලැබූ බ‍්‍රසීලය දෙවතාවක් අනුශූරයින් වූ අතර ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අවස්ථා 3 බැගින් අනූශූරයින් බවට පත් ව තිබෙනවා. සත්කාරක රට අවසන් තරගයට සුදුසුකම් ලබා සිය පේ‍්‍රක්ෂකයින් ඉදිරියේ පරාජයට පත්වීමේ අවස්ථා දෙකක් ද පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයෙන් වාර්තා වනවා. 1950 දී සත්කාරක උරුගුවේ කණ්ඩායම බ‍්‍රසීලය හමුවේත් , 1958 වසරේදී ස්වීඩනය බ‍්‍රසීලය හමුවේත් සිය පාපන්දු ලෝලීන් ඉදිරියේ අවසන් මහ තරග පරාජයට පත් වී තිබෙනවා.

ඉතිහාසයේ වැඩි වාසි යුරෝපයට....
මේ දක්වා පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලි 20න් අවස්ථා 11කදීම ශූරතාව හිමිව ඇත්තේ යුරෝපා කලාපයේ කණ්ඩායමකටයි. ඉතිරි අවස්ථා 9 ම දිනා ගනු ලැබුවේ දකුණු අමෙරිකානු කලාපයේ කණ්ඩායමක් විසින්. අනුශූරතාව සැමවිටම දිනා ඇත්තේ මෙම කලාප දෙකේ රටවල් වීමද විශේෂත්වයක්. වැඩිම වාර ගණනක් ලෝක කුසලාන පාපන්දු අවසන් වටයට සුදුසුකම් ලැබූ රටවල් අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ බ‍්‍රසීලයයි. ඔවුන් මේ දක්වා පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලි විස්සේම අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා. ජර්මනිය අවස්ථා 18කදී සහ ආර්ජන්ටිනාව අවස්ථා 16කදී අවසන් වටයට සුදුසකම් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබීමද විශේෂත්වයක්.

වසර 60 පසු බොද වූ ඉතාලියේ ලෝක කුසලාන සිහිනය....
සිවු වරක් පාපන්දු ලෝක ශූරයින් වූ ඉතාලි කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට අසමත් වීම විශේෂිත වූ කරුණක්. 1958 වසරෙන් පසු පළමු වරටයි ඔවුන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වී ඇත්තේ. සුදුසුකම් ලැබීමේ තරගයකදී ස්වීඩනය හමුවේ පරාජය වීමත් සමග ඉතාලිය මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසි වුණා. ස්වීඩනය මෙවර සිය පාපන්දු ලෝක කුසලානය සිහිනය සැබෑ කර ගත්තේ 2006 වසරෙන් පසුවයි.