Friday, April 19, 2024

General line - 0115112241

බදු ඉවත් කිරීමක් සහ නව බදු පැනවීමක් ගැන සාකච්ඡා කෙරේ




වෛද්‍ය උපදේශන ගාස්තු, චැනලින් ගාස්තු හා රෝහල් ගාස්තු සඳහා පනවා ඇති වැට් බද්දෙන් එම සේවාවන් නිදහස් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ජාතික ආර්ථික සභාවේදී සාකච්ඡා වී තිබෙනවා. 

ඒ පිළිබද ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමටයි එහිදී එකගතාව පළ වී ඇත්තේ. 

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට පත් කළ ජාතික ආර්ථික සභාව මෙලෙස රැස්වුණේ 12 වන වරටයි.

දේශීය කර්මාන්තකරුවන් සඳහා සහන පොලී අනුපාතය යටතේ බැංකු ණය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

ආනයනික සෙරමික් සනීපාරක්‍ෂක භාණ්ඩ සඳහා පෙර පැවති සෙස් බද්දේ අගයට සමාන අගයකින් රේගු ආනයන බද්දක් පැනවීමට ඇති හැකියාවද මෙහිදී සාකච්ඡා වූ තවත් ප‍්‍රධාන කරුණක්.