Tuesday, April 23, 2024

General line - 0115112241

කාන්තාවන් තිදෙනෙකු බිලි ගනිමින් ගිනිගත් වෙළඳසැලේ ඡායාරූප (UPDATE)

පාලිත ආරියවංශ/දිල්ශාන් තුෂාර




කාන්තාවන් තුන් දෙනෙකු මරණයට පත් වූ පස්සර ගිනිගත් වෙළඳසැලේ ඡායාරූප පහතින් දැක්වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ වෙළඳසැලේ හිමිකරුගේ මව වන 62 වියැති කේ.බී මල්ලිකා, වෙළඳසැලේ හිමිකරුගේ පුංචි අම්මා වන 61 වියැති කේ.බී. විත්‍රා සහ වෙළඳසැලේ හිමිකරුගේ නැගණිය වන ටී.එම් කල්පනා නැමැති 23 හැවිරිදි අයයි.

 

-------------------------

වෙළඳසැලේ ගින්නට කාන්තාවන් තිදෙනෙක් බිලි වෙයි

(14-06-2018 06:21)

 

පස්සර නගරයේ වෙළඳසැලක් තුළ ඊයේ (13) රාත්‍රියේ හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා.

එම ගින්නට මැදිව වෙළඳ සැළ තුළ කුඩා කාමරයක සිටි එකම පවුලකට අයත් තිදෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගින්න පිළිබඳ සිදු කළ දැනුම්දීමකට අනුව බදුල්ල ගිනි නිවීමේ ඒකකය අදාළ ස්ථානයට පැමිණ ගින්න පැතිර යෑම පාලනය කරන්නට පියවර ගත්තා.

කෙසේවෙතත් අදාළ අවස්ථාවේදී එම වෙළඳසැලේ සිටි තිදෙනා ගින්නට මැදිව මිය ගොස් සිට ඇති අතර ඒ කාන්තාවන් තිදෙනෙකු බවයි වාර්තා වුණේ.