Friday, March 29, 2024

General line - 0115112241

මෙරට දරුවන්ගේ අවදානමක් යුනෙස්කෝ සංවිධානය නිරීක්ෂණය කරයි




ශ‍්‍රී ලංකාවේ ඇතැම් දරුවන් ඔවුන්ගේ සමකාලිකයන් හා සැසඳීමේදී අවාසි සහගත තත්වයකින් වැඩිහිටි වියට පිවිසීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය අනතුරු අඟවනවා.

ඊට හේතුව ලෙස පැවසෙන්නේ වයස අවුරුදු 05 සම්පූර්ණ වීමට පෙර මොළය පූර්ණ ධාරිතාවට වර්ධනය කිරීමට ඇති හැකියාව අඩු වීමයි. ආහාර ගැනීම, සෙල්ලම් කිරීම සහ ආදරය යන මනා පෝෂණයේ, උත්තේජනයේ සහ රැකවරණයේ ප‍්‍රතිලාභ නොලැබීම ඊට බලපා ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

යුනෙස්කෝ සංවිධානයේ දත්තවලට අනුව වයස අවුරුදු 01ත් 14ත් අතර පසුවන දරුවන්ගෙන් සියයට 73.4ක් නිවෙස්වලදී මව්පියන්ගෙන් ශාරීරික දඬුවම්වලට ලක් වනවා.

සරල ක‍්‍රියාමාර්ගවලින් මෙම අවශ්‍යතා සපුරාලීමට මෙන්ම දරුවාගේ සංවර්ධනයට ධනාත්මක වෙනසක් කිරීමට මව්පියන්ට හැකියාව ඇති බවයි පැවසෙන්නේ. 

යුනෙස්කෝ සංවිධානය මෙම කරුණු අනාවරණ කළේ දරුවන්ගේ මොළය වර්ධනයට මව්පියන්ට උපකාර කළ හැකි ආකාරය පෙන්නුම් කිරීමට සකස් කළ පෙත්සමක් සහ විශේෂ වැඩසටහනක් එළිදැක්වීමට සමගාමීවයි.