Friday, March 29, 2024

General line - 0115112241

මිනිසුන්ටත් වඩා උස ගිය ගංජා ගස් දෙකක් (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




දඹුල්ල කණ්ඩලම පාර 2 කණුව ප්‍රදේශයේ වී මෝලක් පිටුපස සිටුවා තිබූ විශාල ගංජා ගස් දෙකක් සමඟ සැකකරුවෙකු සැකපිට ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය පවසනවා. මෙම ගංජා ගස් දෙක අඩි නමයක් පමණ උසින් යුක්තය.

අති විශාල වශයෙන් එහි කඳ ප්‍රදේශය වැඩී ඇති බවද පොලිසිය කියයි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ තමන් වී මෝලේ සේවය කරන අයකු බවත් මෙම ගස් දෙක එම ස්ථානයේ කාලයක් සිට තිබුණු බවත් ඒවා ගංජා ගස් බවට තමන් හඳුනා නොගෙන සිටි බවය.

පොලිසිය කියා සිටියේ ගංජා ගස් දෙකක් පිළිබඳව ලැබුණ තොරතුරක් අනුව වැටලීම සිදුකොට ගංජා ගස් දෙක සොයාගත් බවය. කෙසේවෙතත් බැලූ බැල්මට මෙම ගංජා ගස් දෙක මොහු විසින් වගා කළේ ද එසේත් නැත්නම් එම ස්ථානයේ පැළ වී තිබූ එකක්ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්නගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශය විසින් වැටලීම සිදුකර තිබෙනවා.