Saturday, April 20, 2024

General line - 0115112241

නාමයෝජනා දුන් ක්‍රිකට් නිලවරණය කනපිට හැරෙන නියෝගයක්




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සදහා පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය අද (14) නියෝග කළා.

මෙම පෙත්සමට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ එකඟතාවය මත අතුරු තහනම් නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීරණය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා ඉදිරිපත් කළ පෙර නාමයෝජනා අවලංගු කොට අලුතින් නාමයෝජනා කැඳවා නව නිලවරණයක් පැවැත්වීමට ද සියලු පාර්ශවයන් එකඟතාවය පල කළා.