Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් එෆ්. එම්. රේඩියෝවේ තවත් ප‍්‍රජා සත්කාරයක්

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




නෙත් එෆ්. එම්. රේඩියෝවේ තවත් ප‍්‍රජා සත්කාරයක් ලෙස ගලගෙදර අලුදෙණිය විද්‍යාලයේ ළමා උයන පිළිසකර කර සිසු අයිතියට පැවරුණා. 

ඒ සඳහා වූ චාම් උත්සවය පැවැත්වුණේ ඊයේ (13) දිනයේදීයි.

විද්‍යාලයීය දරු දැරියන් වෙනුවෙන් ජීවිතය ජය ගැනීමට මග පෙන්වන දේශනයක් සහ මව්පියන් වෙනුවෙන් පුහුණු සැසියක්ද එහිදී පැවැත්වුණා.

නෙත් එෆ්. එම්. රේඩියෝව මෙම ප‍්‍රජා සත්කාරය සිදු කළේ හතරලියද්ද පොලිස් ස්ථානයේ ද දායකත්වයෙන්.

හතරලියද්ද පොලිස් ස්ථානය සහ නෙත් එෆ්. එම්. රේඩියෝව එක්ව කළ මෙම ප‍්‍රජා සත්කාරය සම්බන්ධයෙන් අලුදෙණිය විද්‍යාලයීය විදුහල්පතිතුමිය ප‍්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සිය කෘතඥතාව පළ කළා.

අලුදෙණිය විද්‍යාලයේ ඉහළ දක්ෂතා දක්වන දරුවෙකුට ශිෂ්‍යාධාරයක් පිරිනැමීම ද නෙත් එෆ්. එම්. රේඩියෝව විසින් මෙහිදී සිදු කරනු ලැබුවා.