Friday, March 29, 2024

General line - 0115112241

ජනතා විරෝධය හමුවේ ජෝර්ජියා අගමැති ඉල්ලා අස්වෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජෝර්ජියාවේ අග‍්‍රාමාත්‍ය ජෝර්ජි ක්විරි කැස්විලි සිය ධුරයෙන් ඉල්ලි අස්වී තිබෙනවා.

ඒ, ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වූ විරෝධතා හමුවෙයි.

අග‍්‍රාමාත්‍යවරයා රට පාලනය කරන ආකාරය සහ ආර්ථිකය හසුරුවන ආකාරයට විරෝධය පළ කරමින් මීට මාස කිහිපයකට පෙර සිට රට පුරා දැවැන්ත විරෝධතා පැවතුණා.

50 හැවිරිදි ජෝර්ජියාවේ අග‍්‍රාමාත්‍යවරයා එම ධුරයට පත්වන්නේ 2015 වසරේදීයි. 

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු එරටට නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ඉදිරි දින 07 තුළ සිදු කරනු ඇති. ඒ, ජනාධිපතිවරයාගේ නිර්දේශ මතයි. අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු නව කැබිනට් මණ්ඩලයක් ද පත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.