Friday, April 19, 2024

General line - 0115112241

යාපනයේ පුද්ගලයින් 23 අත්අඩංගුවට - රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරේ

දිනසේන රතුගමගේ




පසුගිය දින කිහිපයේදී යාපනයේ සිදු වූ විවිධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යාපනයේ පොලිස් ස්ථාන කිහිපයක් මගින්. තියුණු ආයුධවලින් කපා තුවාල සිදු කිරීම, පහරදී තුවාල සිදු කිරීම හා ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම සැකකරුවන්ගෙන් හය දෙනෙකු යාපනය දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සෙසු සැකකරුවන් රැඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.