Thursday, April 25, 2024

General line - 0115112241

ඇමති පුත්‍රයාට ඇප




රිය අනතුරක් සිදුකර පළා ගොස් සිටියදී අත්අඩංගුවට ගත් යශෝධ රංගේ බණ්ඩාර ඇප මත නිදහස් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා. 

රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත්තේ. හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටේපිටිය මංසන්ධියේ රිය අනතුරක් සිදු කර නිවසකට හානි කිරීම සම්බන්ධයෙන් යශෝධ රංගේබණ්ඩාරට චෝදනා එල්ල වුණා.

ඉකුත් 06 වනදා සිදුවූ වූ රිය අනරෙන් පසුව ඔහු පොලිසිය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා. යශෝධ  රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ගේ පුත්‍රයාය