Friday, April 26, 2024

General line - 0115112241

උදේ වරෙන්තු කළ විමල් මෝසමක් අතැතිව සවස උසාවියේ

චම්ලි ඒකනායක/ දිනුක් හේවාවිතාරණ




ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වරෙන්තු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරනය අද (14) පෙරවරුවේ නියෝග කොට තිබෙනවා. ඒ ඔහු අධිකරණය මග හැරීම හේතුවෙන්. මෙීට පෙර අවස්ථාවන්හිදීද ඔහු අධිකරණයට පැමිනීමෙන් වැළකී සිට තිබෙනවා.

එම වරෙන්තු නියෝගයෙන් පසුව ඔහු අද පස්වරුවේ මෝසමක් ඉදිරපත් කිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. අධිකරණ ආරංචිමාර්ග පැවසුවේ පස්වරු 3.00 පමණ වනවිට මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ සිටි බවයි. 

විමල් වීරවංශ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන විදේශගත වීමට තැත් කිරීම මත මෙම නඩුව පවරා තිබෙනවා.