Friday, March 29, 2024

General line - 0115112241

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය කළු කතකගේ අණසකට යටත් වෙයි (PHOTOS)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර නගරාධිපතිධූරයට පළමු වරට කළු ජාතික කාන්තාවක් තේරී පත්ව තිබෙනවා. එම අවස්ථාව හිමිවුණේ එරට ප‍්‍රකට සමාජ කි‍්‍රයාකාරිනියක වූ ලන්ඩන් බී‍්‍රඩ් හටයි. අපි‍්‍රකානු - අමරිකානු සම්භවයක් සහිත ඇය මේවනවිට 43වන වියේ පසුවනවා.

ලන්ඩන් බී‍්‍රඩ් ඉකුත් දා පැවැති සැන් ෆ්රැන්සිස්කෝ නගර සභා ඡන්ද විමසීමේදී සිය ප‍්‍රතිවාදි අපේක්ෂකයා අභිභවා සියයට 50 ඉක්මවූ බහුතර ඡන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට සමත්වුණා. අමරිකාවේ විශාලතම නගර 15න් නගරාධිපතිධූරය සඳහා පත්ව සිටින එකම කාන්තාවද ඇය වීම විශේෂත්වයක්.