Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්ෆ්ලුවෙන්සාවෙන් දරුවන් රැකගන්න පැය 24 පුරා දුරකතන උපදේශන සේවයක් ! අංකය මෙන්න




සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින්, ඉන්ෆ‍්ලුවෙන්සා රෝගය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා ගුරුභවතුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

පාසලේ දී ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ හඳුනාගතහොත් මව්පියන්ට දැනුම් දීම, ඔවුන් පැමිණෙන තෙක් දරුවා විවේකීව වෙනම ස්ථානයක තැබීම, උණ තත්වයක් පවතී නම් පැරසිටමෝල් ඖෂධය නියමිත මාත්‍රාවෙන් ලබාදීම, අවදානම් රෝග ලක්ෂණ ඇත්නම් මව්පියන්ට දන්වා දරුවා රෝහල්ගත කිරීම, දරුවන්ට වැඩි අවධානයකින් පෝෂ්‍යදායී ආහාර ලබාදෙන ලෙස මව්පියන්ට උපදෙස් දීමත් සුව වන තුරු දරුවා පාසල් එවීමෙන් අමතර පන්ති යැවීමෙන් සහ සෙල්ලම් කිරීමෙන් වළක්වා හොඳින් විවේකීව තැබීමටත් දෙමව්පියන්ට උපදෙස් දෙන ලෙසයි ඉන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඩෙංගු රෝගය ද පවතින බැවින් වෛද්‍යවරයාට සියලු රෝග ලක්ෂණ නොසඟවා පවසන ලෙසත්, ඉන්ෆ්ලුවෙන්සාව හා ප්‍රතිකාර පිළිබඳ පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය ක්ෂණික දුරකථන සේවාව ඇමතීමෙන් වැඩිවිස්තර නො‍මිළේ ලබාගන්නැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එහි දුරකථන අංකය 0710107107 වේ. වෛද්‍යවරුන් හා විශේෂඥවරුන් සෘජුව ම සම්බන්ධ සම්බන්ධ කරගත හැකි සුවසැරිය ජංගම සෞඛ්‍ය උපදේශන සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සත්කාරයක් ලෙස ක්‍රියාත්මක වේ.