Friday, April 19, 2024

General line - 0115112241

පරීක්ෂණ අවසන් කරන්න! ඇවන්ට් ගාඩ් නඩුවේදී රහස් පොලිසියට නියෝග

ලලිත් චාමින්ද - ගාල්ල




අනවසර ගිනි අවි ප්‍රවාහනය කිරීමේ  චෝදනා මත ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන  නඩුව අද (14) විභාගයට ගැනුන අවස්තාවේදී  මෙම නඩුවට අදාල පරීක්ෂණ කටයුතු අවසන්කර වාර්තා කරන ලෙසට අපරාද පරීක්ෂණ දෙපාර්ථමේන්තුව වෙත ගාල්ල ප්රසධාන මහේස්ත්රා ත් නිශාන්ත පීරිස් මහතා නියෝගකරනු ලැබුනිග

අනවසර ගිනි  අවි ප්රනවාහනය කිරීමේ චෝදනා මත 2015 ඔක්තොම්බර් 14 වැනි දින ඇවන්ගාඩ් නෞකාව ගාල්ල වරායේදී අත්අඩංගුවට ගනු ලැබුන අතර  මෙම සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. මෙම නඩුව සැප්තැම්බර් මස 06 වැනි දින දක්වා  කල් තැබීමටද  මහේස්ත්‍රාත්වරයා අද (14) නියම කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින  සැකකරුවන් වන  නෞකාවේ අවි ආයුධ භාරව සිටි  විශ්‍රාමික හමුදා කර්නල්වරයා සහ  මෙහෙයුම් කළමණාකරු ලෙස කටයුතු කළ  හිටපු නාවික හමුදා ලුතිනන්වරයා 2018 ජුනි මස28 වැනිදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද ඔහු  නියම කළා.