Saturday, April 20, 2024

General line - 0115112241

පුරාවිද්‍යා බිම හැරූ වෛද්‍යවරයාට සහ පිරිසට දුන් දඬුවම

වසන්ත චන්ද්‍රපාල - අම්පාර




අම්පාර සමන්තුර පොලිස් බල ප්‍රදේශයේ වලතාපිටිය ගම්මානය අසල පුරාවිද්‍යා රක්ෂිතයක් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කැණීම් කළ බවට වරද පිළිගත් කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුලු හය දෙනෙකුට ඒක් අයෙකුට රැපියල් පනස්දහස බැගින් ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙසට සමන්තුරේ මහේස්ත්‍රාත් එච්.එම්.මොහමඩ් පසීල් නියෝගකරනු ලැබුවා.

ඉකුත් මැයි මස 15 වෙනි දින මෙම භුමියේ පුරා විද්‍යා ස්ථාන විනාශ කරන බවට අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ ට ලැබුණ පැමිණිල්ලක් අනුව අම්පාර පොලිසියේ නිලධාරින් විසින් මෙම ස්ථානයට ගොස් එක් පුද්ගලයෙක් සහ එහි තිබු යන්ත්‍ර පොලිස් භාරයට ගත් අතර පසුව සමන්තුර පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ අත් අඩංගුවට ගත් පුද්ගලයා සහ එහි තිබු වාහන නිදහස් කළා.

පසුව පුරාවිද්‍යා දෙපාර්මේන්තුව විසින් මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් බව ප්‍රකාශ කිරිමෙන් අනතුරැව ස්කැවේටර් යන්ත්‍රවල වල සේවය කරන ලද රියදුරන් දෙදෙනා සහ අයිතිකරැවන් දෙදෙනා අත් අඩංගුවට ගැනිමෙන් අනතුරැව සමන්තුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.

ඉන් පසුව මෙම ඉඩමේ අයිතිකරැවන් යැයි කියන කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සහ තවත් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගැනිමෙන් පසුව රක්ෂිත බන්ධනගාර ගත කළා. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අධිකරණයට මෙම ස්ථානය පිළිබදව වාර්තාව පැමිනිමෙන් පසුව සමන්තුරේ පොලීසිය විසින් මෙම පුද්ගලයින්ට විරැද්ධව පුරාවිද්‍යාත්මක ස්ථානයක් හානි කළ බවට චෝදනා ඉදිරිපත් කඝ අතර සියලුම විත්තිකරැවන් වැරැද්ද පිළිගනු ලැබිය.

මෙසේ වරදකරැවන් වුවේ ඉඩම් අයිතිකරැවන් වන කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලන්දර් ලෙබ්බේ මොහමඩ් රනීස් ,අබ්දුල් රහීම් මොහමඩ් , ස්කවේටර් රියදුරන් වන දිමුතු කුමාර සෝමරත්න, මහරැප් මොහමඩ් සජීර් සහ ස්කවේටර් අයිතිකරැවන් වන ආදම්බාවා මහරැප්, උදුමා ලෙබ්බේ නිෂාම් යන පුද්ගලයින්ය.