Thursday, April 25, 2024

General line - 0115112241

ඊශ‍්‍රායලයේ ක්‍රියාව එක්සත් ජාතීන් හෙළා දකී

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඊශ‍්‍රායලය විසින් පලස්තීනයේ සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ප‍්‍රහාරයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් හළා දැක තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ සාමාජික රටවල් 120ක් මගින් ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

සිවිල් වැසියන් ඉලක්ක කර ඊශ‍්‍රායලය එල්ල කර ප‍්‍රහාර වැළැක්විය යුතු බවත්, බටහිර ඉවුරට පිවිසෙන ඊශ‍්‍රායල වැසියන් ආරක්ෂා කළ යුතු බවත් එම යෝජනාවේ සඳහන්. මුස්ලිම් රටවල් කිහිපයක් විසින් සකසා ඇති යෝජනාව මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ඇල්ජීරියාව සහ තුර්කියයි.

යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 120ක් සිය ඡන්දය භාවිත කර තිබෙනවා. යෝජනාවට විපක්ෂව රටවල් 08ක් ඡන්දය ප‍්‍රකාශ කර ඇති අතර එම රටවල් අතරට අමෙරිකාව සහ ඕස්ට්‍රෙලියාව ද අයත්. තවත් රටවල් 45ක් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කෙසේ වෙතත් අදාළ යෝජනාව සඳහා නෛතික පදනමක් නොමැති නමුත් දේශපාලනික වශයෙන් එය පිලිගත හැකි යෝජනාවක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.