Saturday, April 20, 2024

General line - 0115112241

පොලිසිය බාර නියෝජ්‍ය ඇමති පොලිස්පති ළඟ තියාගෙන පොලිසිය ගැන කියපු කතාව

සමන්ත කුමාර




අතීතයේ මෙන් වර්තමානයේ රජයේ පාතාලයක් කි‍්‍රයාත්මන නොවන බව රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාම පීළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. එම අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර වැඩභාර ගැනීමේ අවස්ථාවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

"පහුගිය කාලේ ආණ්ඩුවල හිටපු ඇමතිවරුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන චෝදනා තිබුණා. කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට පාතාලය සම්බන්ධයි කියල පොදු විපක්ෂය කියනවා. ඒක වෙන අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක් කියල පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. මෙවැනි අසත්‍ය චෝදනා එල්ලකරන්න එපා කියල අපි කියනවා." 

රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාම පීළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර එහිදී අදහස් දක්වමින් පැවසුවේ සිදුවන අපරාධ පාතාලයේ ක්‍රියා කියමින් හුවා දක්වන බවය. පොලිස්පතිවරයාට ගහක් ගහක් ගානේ ගෙයක් ගෙයක්ගානේ ආරක්ෂාවක් දිය නොහැකි බවයි ඔහු පැවසුවේ. ආණ්ඩුවේ ආශීර්වාදයෙන් කිසිදු අපරාධයක් සිදු නොවන බවයි ඔහු අවධාරණය කළේ.