Saturday, April 20, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයට ඔන්න මෙන්න කියා තිබියදී IS සංවිධානය සිදුකළ දේ (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද (14) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:30 ට ආරම්භ වීමට නියමිතයි. මෙවර රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර එල්ල කරන බවට ඉස්ලාම් අන්තවාදී සංවිධානය (ISIS) සංවිධානය අනතරු අඟවනවා.

ඔවුන් මිට පෙරත් සිය සමාජ ජාල වෙබ් අඩවි මගින් පාපන්දු ලෝක ශුරතා තරඟාවලිය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තිබුනත් ඔවුන් මෙවර තමන් ප්‍රහාර එල්ල කරන අයුරු සහ ක්‍රීඩාංගන පිළිබඳව දැක්වෙන පෝස්ටර් පවා එළිදක්වා තිබෙනවා.

අන්තර්ජාල ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සෙවීම් සිදුකරනු ලබන ජාත්‍යන්තර බුද්ධි බළකාය හෙවත් "SITE" දැනුම් දෙන්නේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය විසින් මෙම ප්‍රහාරයන් " Lone-wolf" නමින් හදුන්වනු ලබන බවයි. 

2013 වසරේ අමෙරිකාවේ බොස්ටන් හි මැරතන් තරගයට එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරයට අනුරූප වන ආකාරයෙන් මෙම ප්‍රහාර මාලාව එල්ල කිරීමට ඔවුන් සැලසුම් කරනවාද යන්න ගැන සැකයක් මේ වන විට මතුව තිබෙනවා.

රුසියාවේ ලෝක කුසලාන තරගාවලිය පවත්වනු ලබන සෝචි හි ඔලිම්පික් ක්‍රීඩාංගනය හා ඒ අවට ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වී ඇති ආකාරයේ පෝස්ටරයක් ඉස්ලාම් අන්තවාදී සංවිධානය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

දෙවන පෝස්ටරය ප්‍රංශ භාෂාවෙන් ලියා ඇත්තේ " සියලු දෙනා ඝාතනය කරනු" යනුවෙන් දැක්වෙන වදන් සහිත තවත් රුසියානු ලෝක කුසලාන ක්‍රීඩාංගනයක් පසුබිම් කර ගත් පිහි අතින් ගත් පුද්ගලයෙක් ඉන්නා ජායාරුපයක් අන්තර්ජාලයට නිකුත් කර ඇති බවයි.

තුන්වන පෝස්ටරයේ සටහන්ව ඇත්තේ " ත්‍රස්තවාදය යලි හිස ඔසවනවා" යනුවෙන් දැක්වෙන අතර සිවුවන පෝස්ටරයෙන් කියා ඇත්තේ " මුජහිදීන් ගින්නෙන් නුඹලා සියලු දෙනා පිලිස්සි යන බවයි".

අවසාන පෝස්ටරයෙන් ඉස්ලාමිය අන්තවාදීන් තර්ජනය කර ඇත්තේ " 2018 පාපන්දු ලෝක කුසලානය රුසියාව- ජය අපටයි" යනුවෙන් බවයි.

මීට මාසයකට ඉහතදී ඉස්ලාමිය අන්තවාදීන් පෝස්ටර් කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබු අතර එහි සටහන්ව තිබුනේ ලයනල් මෙසී හා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ හිස ගසා මරා දමන අයුරු රැගත් ජායාරුපයන් බවයි  "SITE" සංවිධානය හෙළිදරව් කලේ.

සිරියාවේ සිදුකරනු ලබන රුසියානු මෙහෙයුම් හේතුවෙන් තම රටට කුමන මොහොතක හෝ ප්‍රහාරයක් එල්ලවේ යැයි ඔවුන් සැකකරන අතරම පාපන්දු ලෝක ශුරතාව හේතුවෙන් තරග පවත්වනු ලබන ක්‍රීඩාංගණයන් 12 ක ආරක්ෂාව සහ සියලුම නගරවල ආරක්ෂාව උදෙසා දැඩි ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක කරන බවයි රුසියානු රජය නිවේදනය කරන්නේ.

මේ අතර හදිසි අවස්ථාවකදී කැඳවීමට රුසියානු විශේෂ බලකාය ද සුදානම් කර ඇති අතර තරග පවත්වන ක්‍රීඩාංගන වල සිසිටිවී කැමරා වැඩි කිරීම් ඇතුළු ආරක්ෂක විධි ක්‍රම රැසක් ගෙන ඇති බව එරට රජය නිවේදනය කරනවා.