Monday, March 25, 2019
Hotline - 0770586666

අත්අඩංගුවට ගන්න නඩු දානඅය තීරණය කරන්නේ දේශපාලඥයින්ගේ මණ්ඩලයකින්

3565Views

රටේ සෑම අංශයක්ම වර්තමානයේ බිඳ වැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. අස්ගිරි මහ නා හිමියන් බැහැ දැකිමෙන් පසු මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.

"පාතාලය පමණක් නෙවෙයි රටේ සංවර්ධනය වේවා, ආර්ථිකය වේවා, ජාතික ආරක්ෂාව වේවා මේ සියළුම අංශවල පිරිහීමක් කඩා වැටීමක් ඇතිබව ජනතාව අවිවාදයෙන් පිළිගන්නවා. දැන් මේවට හේතු වුණු කාරණා තියෙනවා මේ රජය නිසා. ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ආපු ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පළිගන්නවා. දේශපාලයෝ කණ්ඩායමක් තමයි කාටද නඩු දාන්නේ කාවද අත්අඩංගුවට ගන්නේ කියල තීරණය කරන්නේ. ඇමතිවරු තමයි කියන්නේ අහවලාව අත්අඩංගුවට ගන්නවා ළඟදිම. අහවලාට නඩු දානවා, අහවලා හිරේ දානවා. මේව කියන්නේ දේශපාලනයෝ විසින්." යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.