Friday, March 29, 2024

General line - 0115112241

16 කණ්ඩායමේ ප්‍රතිපත්ති වැඩසටහන මාතලේදී

සමන්ත කුමාර




සිය ඉදිරි ප‍්‍රතිපත්තිමය වැඩසටහන ලබන 16වනදා මාතලේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයේදී ඉදිරිපත් කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම පවසනවා. එහි සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. 

මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තම කණ්ඩායම කාගේවත් අතකොළුවක් නොවන බවත් තම කණ්ඩායමේ අභිලාශය වන්නේ පුළුල් සන්ධානයක් ගොඩනැගීම තුලින් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම බවද මෙහිදී කියා සිටියා. ඒ සඳහා තම කණ්ඩායම ස්ථාවරව පෙනී සිටින බවද ප්‍රකාශ කළා.