Friday, March 29, 2024

General line - 0115112241

වීරකැටියේ හොර නෝට්ටු මුද්‍රණාලයක් (PHOTOS)




වීරකැටිය, වෑකඳවෙල ප‍්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එක් සැකකරුවෙකු සමග මුද්‍රණය කළ පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් සහ ඒවා මුද්‍රණය කිරීම සදහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගැණුනා. පසුව එම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා වීරකැටිය පොලීසියට භාරදී තිබෙනවා.