Friday, April 19, 2024

General line - 0115112241

හදිසි ඇමතුමෙන් ආ තොරතුරකින් නිදන ඇඳමත ඝාතනය කළ මළ සිරුරක් සොයා ගැනේ (PHOTOS)

ජයන්ත වීරසේකර - වැල්ලවාය




වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ හඳපානාගල ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකු ගේ මළ සිරුරක් වැල්ලවාය පොලිසිය විසින් අද (15) උදෑසන සොයාගෙන තිබෙනවා.පොලිස් හදිසි ඇමතුම් අංකයට මෙම පිළිබඳව තොරතුරු ලැබී ඇති අතර පසුව පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන තිබේ.

මෙම මළ සිරුර ගහතනයට ලක් වූ පුද්ගලයාගේ නිවසේ තිබී ඇති අතර ඝාතනයට ලක් වී ඇත්තේ අංක 46 හඳපානාගල වෙහෙරයාය ලිපනයේ පදිංචි වයස අවුරුදු හතලිස් හයක තිදරු පියෙකු බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා ඔහුගේ නිවසේ ඊයේ (14) රාත්‍රියේ තනිව සිට ඇති අතර එහිදී මෙම ඝාතනය සිදු වන්නට ඇති බව පොලිසිය පවසනවා.

මෙම සිදුවීමට අදාල සැකකරුවන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.