Tuesday, April 23, 2024

General line - 0115112241

නකල්ස් ගැන ඇමති කියූ බොරුව සමන්ත විද්‍යාරත්න ඔප්පුකළ හැටි




නකල්ස් සංරක්ෂිත කදු පන්තියේ ස්වාරක්ෂිත කළාපයේ කිසිදු ඉඩමක් විකුණා හෝ බදු පදනම මත ලබා දී නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා පැවසුවත් එය බොරුවක් බව බදු පදනම මත ලබාදුන් ඉඩමක් තුළ සිටිමින් තමන් ඔප්පුකර අවසන් බව ඌව පළාත් සභා මන්ත්‍රී  සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඔහු මේ බව පැවසුවේ නකල්ස් සංරක්ෂිත කඳු පන්තියේ ස්වාරක්ෂිත කළාපයේ පිහිටි රජයේ ඉඩම් බදු පදනම මත ලබා දී ඇති ආකාරය  නිරික්ෂණ කිරිම සඳහා  පරිසරවේදීන්ගේ සමග  නිරික්ෂණ චාරිකාවක නිරතවු අවස්ථාවේදීය. එම නිරික්ෂණ චාරිකාවේදී ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය  වැවිලි සංස්ථාවට අයත් මැවත්ත වතුයායේ කටාරන්තැන්න වැව් සහිත අක්කර 35ක ඉඩමක් අක්කරයක් රුපියල් 2857ක මුදලකට හොටල් ව්‍යාපෘතියක් සඳහා 2018.03.02 වන දින ලබා දී ඇති අතර එම ඉඩම නිරික්ෂණය හා රත්වත්ත වත්තේ පිහිටි රෝස තිරිවානා නිදිය බදු පදනම මත ලබා දී එහි කැණීම් කටයුතු සිදුකරන   අයුරු මෙහිදී නිරික්ෂණය කරනු ලැබීය.

නකල්ස් රක්ෂිතයට හානියක් නෑ එයට අත තියලාවත් නෑ කියාලා සීතල කාමරවල ඉඳලා ප්‍රකාශ කරනවා .හැම දේම පත්තරෙන් දකින ජනාධිපතිතුමාටයි අගමැති තුමාටයි කිරිඇල්ල ඇමතිවරයටයි කියනවා ඔබ තුමාලා අක්කරයක් රුපියල් 2857ක කුණු කොල්ලයට විකුණන ලද මාතලේ මැදවත්ත වත්තේ කටාරන්තැන්න වැව අසල සිටයි මේ කථා කරන්නේ . අපි කියනවා කිරිඇල්ල ඇමතිතුමාට ඔය සිංහාසනවලින් බහින්න . බැහැලා එන්න ජනතාව අතරට එන්න අපි මේ ඉඩම් වික්කද නැද්ද කියලා විවෘත සංවාදයක් කරමු මම ඔබ තුමාට ආරාධනාකරනවා. මේ නකල්ස් රක්ෂිත වනාන්තරය ලෝක උරුමයක් එය කබීර් හෂීම්ලට කිරිඇල්ලාට ඕන විදිහට විනාශ කරන්න දෙන්න බෑ.

මෙහි අක්කර 21000 විකුණන වැඩේ ආරම්භ කරලා තියෙන්නේ අපි එය නැවැත්විය යුතුයි. ඒ සදහා අපි රටේ ඉන්න රටට ආදරය කරන සියළුම පරිසරවේදින් ජනමාධ්‍යවේදීන් සමග මහජනතාව ඒකරාශි කරගෙන රටේ අනාගයවෙනුවෙන් මේ විනාශකාරි ක්‍රියාව ආපස්ට හැරවීම සදහා ගත හැකි උපරිම පියවරයන්ගෙන එය ජයග්රාහණයෙන් අවසන් කිරිමට කටයතු කරනවා.ඒ නිදා එම තත්වයට අපිව පත්නොකර මෙම විනාශකාරි ක්රිසයාව නතර කිරිමට පියවර ගන්නාලෙස අපි ජනාධිපති ඇතුළු රජයෙන් ඉල්ලා සිටින්නේ.

මෙම අවස්ථාවට ග්‍රැපෙක් ශ්‍රී පරිසර සංවිධානයේ අධ්ය ක්ෂක ගාමිණි ජයතිස්ස, ජිවයේ අයිතිය පරිසර සංවිධානය නියෝජනය කරමින් රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශම්මික ලියනගේ  ජේෂ්ඨ භුවිද්‍යාඥ ඇන්ටන් ජයකොඩි, පරිසරවේදී පුබුදු ප්‍රියන්ත මාතලේ පරිසර මිතුරෝ සංවිධානය වෙනුවෙන් සිසිර කුමාර, ආචාර්ය අශෝක රන්වල සහ ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වුණා.