Saturday, April 20, 2024

General line - 0115112241

අයිෆල් කුළුණේ ආරක්ෂාවට නව ආරක්ෂිත වැටක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ප‍්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි අයිෆල් කුළුණේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ රට තුළ පවතින ත‍්‍රස්ත අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

 ඒ අනුව අයිෆල් කුළුණ වටා ඉදිකර ඇති තාවකාලික ආරක්ෂිත වැට වෙනුවට ස්ථිර වැටක් ඉදිකිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ලබන ජූලි මාසයේදී එහි කටයුතු නිමා කිරීමට අපේක්ෂිතයි. ඒ වෙනුවෙන් ප‍්‍රංශ රජය දරා ඇති පිරිවැය යුරෝ මිලියන 35ක්.