Friday, April 19, 2024

General line - 0115112241

අතුරුදහන්වූ කාන්තාවක් අවසානයේදී හමුවූ තැන (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය ගෙවත්තේ පිහිටි වගා බිමේ වැඩකරමින් සිටියදී අතුරුදහන් වූ කාන්තාවකගේ සිරුරක් අඩි 23 ක් දිග දැවැන්ත පිඹුරෙක් විසින් ගිල දමා තිබියදී සොයා ගැනීමට පවුලේ ඥාතින්ට හා ගම්වැසියන්ට හැකිවූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරන්නේ 54 හැවිරිදි මෙම කාන්තාව සිය වගා බිමේ වැඩකටයුතු සඳහා නිවසින් පිටව ගියත් යලි නොපැමිණීම හේතුවෙන් ඇගේ පවුලේ ඥාතින් ගම්වැසියන්ගේ ආධාර ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

අවාසනාවන්ත ලෙස මිය ගිය කාන්තාවගේ පාවහන් යුවල අතර මගදී  හමුවී ඇති අතර එම ස්ථානයේ සිට මිටර් 30 ක පමණ දුරින් අඩි 23ක් පමණ දිගන් යුත් දැවැන්ත පිඹුරා හමුවී තිබෙනවා.

පසුව ප්‍රදේශවාසින් විසින් ඇතිවූ සැකය මත පිඹුරාගේ උදයර කපා බලා ඇති අතර එහි තිබී අතුරුදහන් වූ කාන්තාවගේ සිරුර සොයා ගෙන තිබෙනවා. 

ඉන්දුනීසියාව සහ තායිලන්තයේ මෙවැනි විශාල ප්‍රමාණයේ පිඹුරන් බහුලව දක්නට ලැබෙන බවයි පරිසරවේදීන් සඳහන් කරන්නේ.

(NDTV ඇසුරෙන්)