Thursday, March 28, 2024

General line - 0115112241

රුසියාවේදී ලෝක කුසලාන රසිකයින්ට ප්‍රහාරයක් (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රුසියාවේ මොස්‌කව් අගනුවර රතු චතුරශ්‍රය ආසන්නයේදී කාර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයින් පිරිසක් අනතුරට ලක් කිරීමෙන් පුද්ගලයින් 08 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රුසියානු පොලිසිය සඳහන් කරන්නේ අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මෙවර ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා පැමිණ සිටින විදේශිකයින් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙක් බවයි. ඒ අතර මෙක්සිකානු ජාතිකයින් දෙදෙනෙක් සහ එක් යුක්රේන ජාතිකයෙක් ද වනවා.

අනතුර සිදුකළ රියදුරා ටැක්සි රථ රියදුරෙක් වන අතර ඔහුට සිය රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙය සිදුවූවාද යන්න ගැන පොලිසිය පරීක්ෂණ සිදුකරන බවද සඳහන්.

අනතුර සිදුවන අයුරු අසල පිහිටි ගොඩනැගිල්ලක සවිකර තිබු ආරක්‍ෂිත කැමරා වල සටහන්ව තිබෙනවා.

ටැක්සි රථ රියදුරු කසකස්තාන රියදුරු බලපත්‍රයක් හිමි අයෙක් බවයි පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ.

අනතුර සිදුකිරීමෙන් අනතුරුව පළා යාමට තැත් කළ සැකකාර රියදුරාව අසල සිටි පුද්ගලයින් විසින් අල්ලා ගෙන පොලිසියට භාර දී තිබෙනවා

(ඩේලිමේල් ඇසුරෙන්)