Friday, March 29, 2024

General line - 0115112241

තලෙයිබාන් සටන්කාමීන්ගේ රාමසාන් උත්සවයට IS බෝම්බ ප්‍රහාරයක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්තානයේ නාන්ගාර් ප‍්‍රදේශය ඉලක්ක කර අයි එස් සටන්කාමීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

මෙම ප‍්‍රහාරය එල්ල වුණේ එරට කි‍්‍රයාත්මක තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය සිය සටන් විරාම කාලය දීර්ඝ කිරිමත් සමගයි.

කෙසේ වෙතත් අයි එස් ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර ඇෆ්ගන් හමුදා සාමාජිකයින්, එරට සිවිල් වැසියන් මෙන්ම තලෙයිබාන් සාමාජිකයින්ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

හමුදා සාමාජිකයින් හා තලෙයිබාන් සාමාජිකයින් එක්ව සැමරූ රාමසාන් උත්සවයක් ප‍්‍රහාරයේ ඉලක්කය වී තිබුණා.