Thursday, April 25, 2024

General line - 0115112241

ආණ්ඩුවට අවශ්‍ය ඇමතිවරු දෙන්නා කවුදැයි රාජිත කියයි - වෙන ඇමතිවරු අවශ්‍ය නෑලු




හම්බන්තොට මහ රෝහලේ නව වකුගඩු ඒකකය සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ සිදු කෙරුණා.

මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 240 ක්. හම්බන්තොට නව මහ රෝහල් භූමියේ මෙම වකුගඩු ඒකකය ඉදිකරනු ලබනවා.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“බද්ධ කිරිම් සඳහා මහල් 17 කින් යුත් මධ්‍යස්ථානයක් කොළඹ ජාතික රෝහලේ ඉදිකරනවා. ඒ පින්ලන්ත ආධාර මතයි. ජාතික රෝහලේ වකුගඩු ඒකකය ද සංවර්ධනය කරනවා. සියලුම බද්ධ කිරිම් එකම ස්ථානයක සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ. නමුත් යමෙක් අලුත් දෙයක් කළාම වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එනවා. ඇතැම් අය ඒවාට විරුද්ධයි. බද්ධ කිරිම් වලටත් එවැනි හේතු බලපෑවා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගෙත් එවැනි බලපෑම් තිබෙනවා. එංගලන්තයේ අක්ෂි සැත්කම් සිදු කිරිම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇති ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට මෙරට අක්ෂි වෛද්‍යවරුන් බලපෑම් කරනවා. නීතිය කඩලා කරපුවාම මාධ්‍යයෙන් විවේචන කරනවා. නීති රීති 84000 ක් තිබෙනවා. තිස්තුන්කෝටියක් දෙවිවරු වගේ. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා නීති කඩලා රට සංවර්ධනය කළා. නොබියව තින්දු තීරණ ගත්තා. ඉන් පසු පක්ෂ දෙකේ කොයි නායකයෙක්වත් එලෙස වැඩ කළේ නැහැ. වැඩ නොකළොත් ගැටලු රැසක් ඇති වෙනවා. නීති රීති තිබෙන්නේ වැඩ නොකරන්නයි. මම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධවයි සිටියේ. නමුත් ඇත්ත කථා කළ යුතුයි. මමයි සජිත් ඇමැතිතුමයි කරපු වැඩ හොදටම ඇති.. මෙම ආණ්ඩුවට වෙන ඇමැතිවරු අවශ්‍ය නැහැ. සජිත් ඇමැතිතුමා ගෙවල් හදන්නේ දුප්පත් අසරණයිට. මම සෞඛ්‍ය මෙහෙයවන්නෙත් දුප්පතුන්ට හිතවාදී ලෙසයි.”