Friday, April 19, 2024

General line - 0115112241

ගුවන් මගීන්ට හදිසි නිවේදනයක්

දිනුක් හේවාවිතාරණ




කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ ආගමන විගමන කවුළු සහ ඒ ආශ්‍රිතව සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් හෙට (18) දින සිට විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් මගීන් හට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරනු ලබනවා.

ඒ හෙට දින සිට තමන් ගුවන් ගතවීමට බලාපොරොත්තුවෙන ගුවන් යානයේ පිටවීමේ කාලයට අනුව පැය 04 කට පෙර ගුවන් තොටුපලට පැමිණෙන ලෙසයි. අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතිවිය හැකි දුෂ්කරතාවයන් සහ ප්‍රමාදවීම් අවම කර ගැනීම් සඳහා මෙම පියවර අනුගමනය කරන ලෙස ගුවන් සමාගම දැනුම් දෙන්නේ.

අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය දුරකථන අංක 1979 ඔස්සේ මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.