Saturday, April 20, 2024

General line - 0115112241

ටයිටැනික් නැව පසුපස සැගවී තිබු අමෙරිකා අභිරහස හෙළිවෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක ප‍්‍රකට ටයිටැනික් නෞකාව පසුපස සැඟව තිබූ අමරිකාවේ අභිරහස් මෙහෙයුමක් අනාවරණ වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ සාගර පතුලේ ගිලී තිබූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් හමුවී ඇත්තේ හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකු විසින් සිදු කළ අභිරහස් මෙහෙයුමක ප‍්‍රථිඵලයක් ලෙස බවයි. 

1981 වසරේ සිට 1989 වසර දක්වා අමෙරිකාව පාලනය කළ ජනාධිපති රොනල්ඞ් රේගන් විසිනුයි මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ. විදෙස් වාර්තා අනාවරණ කරන අන්දමට ලෝක යුධ සමයේදී සාගර පතුලේ අතුරුදන්වූ අමරිකාවට අයත් යුධ සබ්මැරීන දෙකක් සෙවීම සඳහා ජනාධිපති රේගන් එරට නාවික හමුදා බුද්ධි අංශ වෙත නියෝගයක් ලබා දී තිබුණා.

ඒ අනුවයි අමෙරිකාවේ නාවික හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් අභිරහස් මෙහෙයුමක් ආරම්භ කළේ. අදාළ මෙහෙයුමේ 12 වන දිනයේදී උතුරු අත්ලාන්තික් සාගර කලාපයේ තිබී ගිලීගිය නෞකාවක කොටස් සොයා ගැනීමට එම බුද්ධි අංශ නිලධාරීන් සමත් වී තිබෙනවා. පසුව සිදු කළ පරික්ෂණවලදීයි අදාළ නෞකාව 1912 වසරේ අපේ‍්‍රල් මස 15වනදා සාගරයේ ගිලී ගිය බි‍්‍රතාන්‍යයට අයත් ටයිටැනික් නෞකාව බව සොයා ගෙන ඇත්තේ. ඉතිහාසය තුළ සාගරයේ ගිලී ගිය දෙවන විශාලතම නෞකාව වන්නේ ටයිටැනික් නෞකාවයි. අනතුරෙන් එහි ගමන් ගත් මගින් 1500 කට අධික පිරිසකට සිය ජීවිත අහිමි වුණා.