Saturday, April 20, 2024

General line - 0115112241

එකම මොහොතේ උඩ පැන ජය සැමරීමෙන් මෙක්සිකෝවේ භූ කම්පනයක් ඇති වූ හැටි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාපන්දු ලෝක ශුරයින් වන ජර්මනියට අමිහිරි අත්දැකීමක් එක් කරමින් මෙක්සිකානු කණ්ඩායම ඊයේ (17) පැවති ලෝක කුසලාන තරගයේදී අනපේක්ෂිත  ජයක් වාර්තා කරනු ලැබුවා. ඒ ගෝල 1-0 ක් ලෙසින් වීම විශේෂත්වයක්. 

මෙක්සිකෝව සහ ජර්මනිය තරග වැදුනේ F කාණ්ඩය යටතේයි. ලෝක ශුර ජර්මනියට එරෙහිව ආක්‍රමණශීලි තරග රටාවක් අනුගමනය කළ මෙක්සිකානු කණ්ඩායම තරගයේ පළමු අර්ධය අවසන් වීමට විනාඩි 10 ක් ඉතිරිව තිබියදී ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙක්සිකානු කණ්ඩායමේ  Hirving Lozano විසින් ගෝලය වාර්තා කිරීමට සමත් වී තිබුණා.

ජර්මානු කණ්ඩායමට එරෙහිව වාර්තාකළ ගෝලයත් සමග මෙක්සිකෝවේ පාපන්දු ලෝලීන් එකම මොහොතක උඩ පැන ජය සැමරීමත් සමග මෙක්සිකෝවේ කෘතීම භුකම්පනයක්ද වාර්තා වූ බව  SIMMSA නම් භූකම්පන නිරීක්ෂණය කරනු ලබන සංවිධානය සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. 

ඔවුන් සඳහන් කරන්නේ මෙක්සිකෝව තුල සිදුවූ මෙම භූචලනයට හේතුව මෙක්සිකානු ජනතාව ප්‍රීතිය පළකිරීමත් සමග ඇතිවූ කම්පනය බවයි.

අසල්වැසි චිලී රටද ඔවුන්ගේ භූකම්පන මානවල සුළු චලනයක් පෙන්නුම් කර ඇති බව ට්ව්ටර් සටහනක් තබා තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් ද මේ සිදුවීම ගැන වාර්තා කර තිබුනා.