Friday, April 19, 2024

General line - 0115112241

කාමරංගා ගැන ෆේස්බුක් ඔස්සේ සිදු වූ ප්‍රචාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්




අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජජාල තුළ පසුගිය දිනවල හුවමාරු වූ තොරතුරු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පෙන්වා දෙන්නේ අදාළ තොරතුරු වැරදි තොරතුරු ලෙස හුවමාරු වෙමින් තිබූ බවයි. 

කාමරංගා යනු මෙරට වැවෙන පලතුරු අතර කැල්සියම්  වැඩිපුරම අඩංගුවන පලතුරකි. කාමරංගා ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්, විටමින් C,සෝඩියම් යන පෝෂකවලින් පොහොසත්. සීනි ප්‍රතිශතයද අඩු කාමරංගා ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වනබව පැරණි අයුර්වේද ග්‍රන්ත තුළ සඳහන් වෙනවා. විශේෂයෙන් ආහාර ගැනීමෙන් පසු ආහාරවල අඩංගු යකඩ සිරුරට අවශෝෂනය කරගත හැකි අතුරු පසක් වශයෙන් කාමරංගා පලතුර සැළකෙන බවද පෙන්වා දෙනවා.

(මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)