Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී  ලංකාවේ  පුරෝගාමී  අක්ෂි  සේවා  සපයන්නාගේ දෘෂ්ටි  මිතික දිනය සහ විද්‍යාත්මක සැසිවාරය 9 වන වරටත් (PHOTOS)




ශ‍්‍රී  ලංකාවේ  පුරෝගාමී  අක්ෂි  සේවා  සපයන්නා  වන  විෂන්  කෙයා  පුද්ගලික  සමාගම  විෂන්  කෙයා  දෘෂ්ටි  මිතික දිනය සහ විද්‍යාත්මක සැසිවාරය 9 වන වරට විෂන් කෙයා අධ්‍යාපන ආයතනය මඟින් කොළඹ Galle Face Hotel හිදී  පසුගියදා පැවැත්වුවා. 

මෙම  අවස්ථාව  සඳහා  විෂන්  කෙයා  සමාගමේ  ප‍්‍රධාන  විධායක නිලධාරිවරයා,  කළමනාකරණ  මණ්ඩලය  ඇතුළු  සියලූ  කාර්ය  මණ්ඩලය  ද,  දෘෂ්ටි  මිතික  ක්ෂේත‍්‍රයේ  ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෝ  ද  අක්ෂි  ශල්‍ය  වෛද්‍යවරුන්  ද  සහභාගී  වුණා.  

විද්‍යාත්මක  සැසිවාර  ලෙස  Occular diagnostic and Biometry, Contact Lens, Refraction and Low Vision, Vision Theraphy and Audiology යන  සැසිවාර  පවත්වනු 
ලැබුවා. 

උත්සවයේ ප‍්‍රධාන  ආරාධිත  අමුත්තා  ලෙස  අක්ෂි  ශල්‍ය  වෛද්‍ය  සාලිය  පතිරණ   සහභාගී වුණා.  පිළිගැනීමේ  කථාව  විෂන්  කෙයා  අධ්‍යාපන  ආයතනයේ  විදුහල්පති  වන  විද්‍යා  ජයරත්න  විසින් පවත්වන  ලද  අතර  ගෞරවනීය  ආරාධිත  අමුත්තා  ලෙස  ඉන්දියාවෙහි  චර්යා  හා  සංවර්ධන  දෘෂ්ටි  විශේෂඥයෙකු වන  ආදිත්‍ය  ගෝයාල්  ද,  ප‍්‍රධාන  කථිකයන්  ලෙස  අක්ෂි  ශල්‍ය  වෛද්‍ය  උපාලි  මෙන්ඩිස්  ද,  අක්ෂි ශල්‍ය  වෛද්‍ය  මධුවන්ති  දිසානායක  ද,  අක්ෂි  ශල්‍ය  වෛද්‍ය  ඉමල්කා  ෆොන්සේකා  ද,  අක්ෂි ශල්‍ය  වෛද්‍ය  කේ.ඒ.  සැල්වින්  ද,  විශේෂඥ  වෛද්‍ය  -  (උගුර,  කන,  නාසය)  -  චන්ද්‍රා  ජයසූරිය  ද සහභාගි වුණා. 

9  වන  දෘෂ්ටි  මිතික  දිනය  සහ  විද්‍යාත්මක  සැසිවාරයේ  ජයග‍්‍රාහකයන්  ලෙස  චානුරා  මහින්දපාල, නිමන්ත විදුරංග, චමීර විමලසේන, මහේෂා  නිෂාදි, ෆාතිමා මුෆ්රිසා, අමිල  චන්ද්‍රසේකර,  කල්ප  මධුෂාන්,  බුද්ධිනි  නෝනිස්,  සම්මාන  ලබා ගත්තා.

විද්‍යාත්මක  සැසිවාරයන්  වෛද්‍ය  ටිරාන්  කෑරගල,  වෛද්‍ය  ගංගා  ජයසේන,  අනන්ත  ලක්ෂ්මී  සහ වෛද්‍ය බිමන්ත පෙරේරා විසින් විනිශ්චය කරනු ලැබුවා. 

පිළිගැනීමේ  කථාව  කරමින්  විදුහල්පති  විද්‍යා  ජයරත්න  ප‍්‍රකාශ  කර  සිටියේ  ”විෂන්  කෙයා  අධ්‍යාපන ආයතනය  මෙම  වසරේ  දී  10  වන  සංවත්සරය  සමරන  බවත්,  ඒ  සඳහා  දායක  වූ  සියලූ  කථිකාචාර්යවරුන්ට  තම ස්තුතිය  පුද  කරන  බවත්,  ඉදිරියේ  දීද  සුදුසුකම්  ලත්  දෘෂ්ටි  විශේෂඥයන්  රටට  බිහි  කිරීම  විද්‍යායතනයේ  අරමුණ බවයි.”


2008  වසරේ  පිහිටුවන  ලද  විෂන්  කෙයා  අධ්‍යාපනික  ආයතනය  විෂන්  කෙයා  සමාගමේ  කාර්ය  මණ්ඩලයට අභ්‍යන්තර  පුහුණු  වැඩසටහන්  සම්පාදනය  කරන  අතර,  දෘෂ්ටි  විශේෂඥ  ඩිප්ලෝමාව,  අක්ෂි  සහායක  පාඨමාලාව, Dispensing Optician පාඨමාලාව සහ Audiometrician පාඨමාලාව යන පාඨමාලා හැදෑරීමට අවස්ථා සලසා දී තිබෙනවා. 


විෂන්  කෙයා  සමාගමේ  ප‍්‍රධාන  විධායක  නිලධාරි  දසන්ත  ෆොන්සේකා සියලූ  ජයග‍්‍රාහකයන්ට  සුභ  පැතූ අතර,  විෂන්  කෙයා  විද්‍යායතනයේ  අධ්‍යයන  අධ්‍යක්ෂිකා  කුමාරි  ෆොන්සේකා   විසින්  ස්තුති  කථාව පැවැත්වීමෙන් අනතුරුව 9 වන දෘෂ්ටි මිතික දිනය සහ විද්‍යාත්මක සැසිය සාර්ථකව නිමාවට පත් වුණා.