Saturday, April 20, 2024

General line - 0115112241

ජපානයට ප්‍රබල භු කම්පනයක්

දිනුක් හේවාවිතාරණ-විදෙස් පුවත් ඇසුරෙන්




ජපානයේ ඔසාකා ප්‍රදේශයට බලපෑ ප්‍රබල භුම්කම්පාවකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ මියගිය පිරිස අතර 9 හැවිරිදි දැරියක්ද සිටින බවයි.

රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් මෙම භුමිකම්පාව සටහන්ව තිබුනා. 

භුමිකම්පාවත් සමග ඔසාකා භුගත ජලනල පද්ධතින් පවා පුපුරා ගොස් ඇතැයි එරට රූපවාහිනි සේවය වාර්තා කර සිටිනවා.

රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ භුමිකම්පාවෙන් අනතුරුව නිවාස රැසක ගිනි ගැනිම්ද වාර්තාවි ඇති බවයි. එමෙන්ම අවශ්‍ය සහන සේවා හැකි ඉක්මනින් ලබා දෙන්නැයි ජපාන අගමැතිවරයා බලධාරින්ට උපදෙස් දි ඇති බවයි.

ඔසාකා නගරය ජපානයේ දෙවැනි විශාලතම කර්මාන්තපුරය පිහිටි නගරය ලෙස සලකනවා.