Thursday, April 25, 2024

General line - 0115112241

ඥාණසාර හිමිගේ නිදහස වෙනුවෙන් මහ සඝ රුවන කොළඹදී සත්‍යග‍්‍රහයක (UPDATE/PHOTOS)

සජිත් තිලකරත්න / තරංග රුක්ෂාන් ජයසේකර/ කාංචන කුමාර




සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය අද (18) කොළඹ කොටුව බෝධිය අසලදී සත්‍යග‍්‍රහයක නිරත වුණා. 

ඒ සඳහා භික්ෂූන්වහන්සේලා ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා.එහිදී අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ.

මෙරටේ ඉතිහාසයේ සැමදාම බෞද්ධ කමට එරෙහිව, බෞද්ධ නායකත්වයට එරෙහිව බලවේග ඇතිවූ බව උන්වහන්සේ ප්‍රකාශ කළා. එවැනි කාල සීමාවකදී බොදුබල සේනාව පිහිටුවා ගනිමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ක්‍රියා කළ ආකාරයෙන් බොහෝ දෙනා වේදනාවට පත්වූ බවයි.

මෙම අවස්ථාවට වැඩම කළ පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන් කවි කිහිපයකින් රැස්ව සිටි පිරිස අමතනු ලැබුවා.

 

 

 

 

................................................................................................................................................................

ඥාණසාර හිමි වෙනුවෙන් භික්ෂූන් වහන්සේ කොටුවේ සත්‍යග‍්‍රහයක

(18-06-2018 13:02)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් අද (18) දහවල් කොළඹ කොටුවේදී භික්ෂූන් වහන්සේ සත්‍යග‍්‍රහයක නිරත වීමට සූදානම් වනවා. මේ, පැවදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්. 

හික්ෂුන්වහන්සේ නමක් සිරගත කිරීම මෙරට බෞද්ධ රාජ්‍යයක් වෙලා බුද්ධාගමට කරපු නින්දා සහගත වැඩක් ලෙසයි දකින්නේ. වරදක් කලොත් දඬුවම් කරන්න ඕනේ. නමුත් සිරගත කිරීමට තරම් ඥාණසාර හිමියන් වරදක් කලේ නැතයි උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ඥාණසාර හිමියන්ගේ චීවරය නැවත උන්වහන්සේට ලබා ගැනීමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කරමින් බෝධි පූජා පිංකමක් ඊයේ (17) පස්වරුවේ රංගිරි දඹුලූ රජමහා විහාරස්ථ ප‍්‍රාර්ථනා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී සිදු කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ අතුපාරයාය ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති පූජ්‍ය අලූත්ගම උපනන්ද හිමියන්. 

සිරගත කර සිටින ඥාණසාර හිමියන්ගේ භික්ෂුභාවය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා තිස්සමහාරාම නගරයේදී ඊයේ විරෝධතා පාගමනක් ද පැවැත්වුණා.