Thursday, March 28, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු කි‍්‍රකට් කණ්ඩායමට ඓතිහාසික පසු බෑමක්

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වසර 34කට පසු සිය කි‍්‍රකට් ඉතිහාසයේ එක් දින පිටියේ ශ්‍රේණිගත කිරීම්වල පහළම ස්ථානයකට ඇද වැටීමට ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමට සිදුව තිබෙනවා. ඒ, එංගලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරග 02 පරාජයට පත්වීම හේතුවෙන්.

 නවතම එක් දින කණ්ඩායම් වර්ගීකරණයට අනුව ඔස්ටේ‍්‍රලියාව පසුවන්නේ 06වන ස්ථානයේයි. ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මෙතරම් පහළ අගයකට වර්ගීකරණය වී ඇත්තේ 1984 වසරෙන් පසු පළමු වරට වීමද විශේෂත්වයක්.