Saturday, April 20, 2024

General line - 0115112241

ජායාරූපයක් ගැනීමට ගොස් අඩි 170 ක් ඉහළින් ඇඳ වැටුණු හැටි (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය මිතුරන්ගේ ඉල්ලීම පරිදි ජායාරුපයක් ගැනීම සඳහා දිය ඇල්ලකින් පහතට බැස ත්‍රාසජනක ක්‍රියාවන් හි නිරතවෙමින් සිටි පුද්ගලයෙකු ඉන් ඇඳ වැටී මිය යාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පිහිටි ප්‍රසිද්ධ දිය ඇල්ලක් වන " ගෝකාක්" නැරඹීමට පැමිණි 35 හැවිරිදි රාම්ජාන් උස්මාන් මෙලෙස මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අධික ලෙස බිමත්ව සිට ඇති රාම්ජාන් සහ ඔහුගේ මිතුරන් දිය ඇල්ලේ ඉහලට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයේ සිටි නරඹන්නන් ගේ අවවාද නොතකමින් දිය ඇල්ලෙන් පහළට බැසීමට පටන් ගෙන ඇත්තේ තමාගේ ජයාරූප ගන්නැයි මිතුරන්ට පවසමින්.

ඒ අවස්ථාවේදී ඔහුගේ මිතුරන් රාම්ජාන් ගේ ජයාරූප කිහිපයක් ගෙන ඇති අතර තවත් ජයාරූප ගැනීම සඳහා ඉරියව් වෙනස් කරන්නැයි පවසා ඇති අතර ඒ අවස්ථාවේදී දිය ඇල්ලේ පහත බසින් සිටි ඔහුගේ අත ලිස්සා යාමෙන් පහලට ඇඳ විටි මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ මියගිය රාම්රාජන් අඩි 170 ක් පමණ උසකින් ඇඳ වැටී ඇති බවත් ඔහුගේ සිරුර මෙතෙක් හමුවී නැති බවයි.