Tuesday, April 23, 2024

General line - 0115112241

විදුලි සැර වැදීමෙන් කැලණි සරසවියේ සිසුවෙක් මරුට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




කැලණිය සරසවියේ තෙවන වසරේ අධ්‍යාපනය හදාරනු ලබන සිසුවෙක් අද (18) විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ශිෂ්‍ය නේවාසිකාගාරයක් ආසන්නයේ පිහිටි ඇඹරැල්ල ගසක ගෙඩි කැඩීමට යාමේදී ඒ සඳහා යොදා ගත් යකඩ පටියක් අධි බලැති විදුලි රැහැනක ගැටීම නිසා විදුලි සැර වැදීමෙන් මෙම සිසුවා මිය ගොස් තිබෙනවා.

මියගිය සිසුවා 23 හැවිරිදි වියේ පසුවන අතර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.