Thursday, April 25, 2024

General line - 0115112241

ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාවක පතොරම් නිවෙසක් මතට වැටෙයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා කිහිපයක් අද (18) උදැසන සිදුකල පුහුණුවක් අතර වාරයේදී හිස් පතොරම් උණ්ඩ කිහිපයක් කල්පිටිය, කන්දකුලිය ඊච්චන්කාඩු ප්‍රදේශයේ නිවාස මතට වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනවිරත්න පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳව වාර්තා වීමත් සමග ගුවන් හමුදාවේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් නිවාස හෝ දේපල වලට හානියක් වී ඇත්නම් ඒ පිලිබඳ වගකීම ගුවන් හමුදාව භාරගන්නා බව දැනුම් දුන් බවයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ F-7 වර්ගයේ ප්‍රහාරක යානාවකින් මෙම උණ්ඩ වැටෙන්නට ඇති බවයි.

මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නැති බවයි වාර්තා වන්නේ.