Saturday, May 11, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කාගේ "සොල්ටා" අත්අඩංගුවට

දිල්ශාන් තුෂාර




පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප‍්‍රධානතම ගෝලයෙකු වන මුණිවරගේ අසිත නොහොත් සොල්ටා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරැල්ල ප‍්‍රදේශයේදීයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරන්නේ මෙම අපරාධකරු විසින් මංජුලා සදරුවනි අබේරත්න නම් කාන්තාවක් සහ රොෂාන් ප්‍රේමලාල් යන අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ තුවක්කුවක් සහ හෙරොයින් ග්‍රෑම් 6ක් සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.