Thursday, April 25, 2024

General line - 0115112241

විගණන පනතේ ප‍්‍රමාදය ගැන විගණකාධිපති කණස්සල්ලෙන්

සමන්ත කුමාර




රාජ්‍ය මූල්‍ය අවභාවිතයන් හෝ දුෂණ පිළිබඳ තොරතුරු සැඟවිය නොහැකි පරිසරයක් වර්තමානයේ නිර්මාණය වී ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් කි‍්‍රයාත්මක කරන නව වැඩපිළිවෙල පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට අද (18) එක්වෙමින් කථානායකවරයා මේ බව කියා සිටියා. 

රාජ්‍ය ගිණුම් පිිළිබඳ කාරක සභාවේ මූල්‍ය අධීක්ෂණයට යටත් වන ආයතන ඇගයීම සඳහා පරිගණක ජාල වැඩසටහනක් මේවනවිට කි‍්‍රයාත්මක වනවා. ඒ පිළිබඳවද කථානායකවරයා මෙහිදී අදහස් පළ කළා.

පලමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හැකිවුනා රාජ්‍ය දෙපාර්තමේන්තු 837 ක් තිබෙනවා ඒ සියල්ලම විගණකාධිපතිවරයාගේ සහ එම දෙපාර්තමේන්තුවේ හා පාර්ලිමේන්තු කමිටුව හරහා ඇඟයිමට ලක් කිරීමට හැකි වූ බවයි.

රාජ්‍ය ගිණුම් පිිළිබඳ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී කියා සිටියේ සිය කමිටුවේ අධික්ෂණයට ලක්වන සියලූම ආයතනවල 2016 වසරට අදාළ වාර්තාව හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මෙම අවස්ථාවට එක්වූ විගණාකාධිපති ගාමිණී විජේසිංහ මෙලෙස අදහස් පළ කළා.

විගණන පනත තවමත් සම්මත කර ගැනීමට නොහැකිවීමෙන් ගැටලූ රැසක් පැන නැගී ඇති බව ද විගණකාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.


කෙසේවෙතත් රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීමට වර්තමානයේ සාධනීය කි‍්‍රයාමාර්ග රැුසක් ගෙන ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.