Tuesday, April 16, 2024

General line - 0115112241

සිංහරාජයේ අලි මෙහෙයුම නතර කිරීම ගැන ෆොන්සේකාගේ අප‍්‍රසාදය

සමන්ත කුමාර




සිංහරාජ රක්ෂිතයේ ගැවසෙන අලි දෙදෙනා ඉවත් කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් තමන් අප‍්‍රසාදය පළ කරන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනතාවගේ ඉල්ලීමට තමන් හිස නැමූ බවත් අවසානයේදී තමන්ට මේ හේතුවෙන් සිත් වේදනාවක් ඇතිවූ බව ඇමතිවරයා කියා සිටියා. එමෙන්ම තමන්ට සිය අමාතයධුරයේ වැඩකිරීම සඳහා අවශ්‍ය නිදහස තිබිය යුතු බවත් කෙසේ හෝ උත්සහ කර කලවානේ ආරක්‍ෂිත කලාපයක් ඉදිකර ඒ තුලට අලින් දෙදෙනා ගාල් කිරීමට තමන් උත්සහ දරන බවට ඔහු මෙහිදී කියා සිටියා.

මේ අතර වන අලින් දෙදෙනා ඉවත් කිරීමේ මෙහෙයුම් නතර කිරීමට විරෝධය පළ කරමින් කලවාන කජුගස්වත්ත ප‍්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක නිරත වුණා.