Tuesday, April 23, 2024

General line - 0115112241

තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩු අවලංගුයි : අද සේවයට වාර්තකලේ නැත්නම් වෙනදේ මෙන්න

දිනුක් හේවාවිතාරණ




තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියළු සේවකයන් අද වන විට සේවයට වාර්තා කළ යුතු බවත්, නො එසේ නම් ඔවුන් තනතුර අතහැර ගියාසේ කටයුතු කරනු ඇති බවත් තැපැල්පති රෝහණ අභයරත්න සියළු තැපැල් සේවකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. 

 "සියළුම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතුය. ඒ සඳහා අදාල ප්‍රදේශයේ පොලිසියේ සහය ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා දැනුවත් කර ඇති බවත් සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන සහ පත්වීම් ස්ථිර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව තවදුරටත් පරිපාලනය විසින් වගකියනු නොලබන බවයි තැපැල්පතිවරයා සඳහන් කරන්නේ.

 කාර්යභාර තැපැල් ස්ථානාධිපති හා අංශභාර ප්‍රධානීන් තමන්ගේ වගකීම හා කාර්යභාරය තැපැල් ස්ථානාධිපති අත්පොත, තැපැල් රෙගුලාසි සහ රාජ්‍ය සේවකයන්ට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කරන බවද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.