Friday, April 26, 2024

General line - 0115112241

දෙවන තරගය අවසන් වූ හැටි

කසුන් කැළුම්




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ඊයේ (18) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ලකුණු 296ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම අවසන් දිනය නිමාවන කඩුළු 05ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 147ක්. අවසන් දිනයේ තරගය නතර කිරීමට සිදු වුණේ අඳුරු ආලෝක තත්ත්වයද හේතුවෙන්.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 253ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 300ක් රැස්කළා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 342ක්.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ පළමු ඉනිමේදී ලකුණු 62කට කඩුළු 08ක් බිඳ හෙලූ කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබි‍්‍රයල්.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට 0ක් ලෙස පෙරමුණේ සිටින්නේ කොදෙව් කණ්ඩායමයි. දෙරට අතර තුන්වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 23 වැනිදා ආරම්භ වනවා.