Thursday, April 25, 2024

General line - 0115112241

ඥාණසාර හිමි වෙනුවෙන් අද ඇප ඉල්ලයි

දිල්ශාන් තුෂාර




මාස 06ක සිර දඬුවමකට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ඇප අයැදුම්පත අද (19) හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව සිංහල රාවය සංවිධානය පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මේ පිළිබඳව සඳහන් කළා.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට බැණ තර්ජනය කිරීම සහ අධිකරණයට බලහත්කාරයෙන් ඇතුලූවීම යන චෝදනා යටතේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණය මගින් සිර දඬුවම් නියම කෙරුණා.  

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරය තුළ සැරසී සිටින ඇඳුම සම්බන්ධයෙන් ද මේවනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා.