Friday, March 29, 2024

General line - 0115112241

විදේශ සේවය ගැන විගණකාධිපතිගෙන් චෝදනා

සමන්ත කුමාර




රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ මූල්‍ය අධික්ෂණයට ලක්වන සියලුම ආයතනවල 2016 වසරට අදාළ වාර්තා අද (19) පාර්ලිමේන්තුවට ඉදරිපත් කෙරෙනවා.

ඒ එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්.

මීට පෙර රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවාදයක්ද පැවැත්වෙනවා.

මේ අතර රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ ආයතන ඇගයීම සඳහා කි‍්‍රයාත්මක පරිගණක ජාල වැඩසටහන ඇතුළු නව වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් ඊයේ (18) පැවැත්වුණා. ඊට එක්වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ රාජ්‍ය ආයතන කිහිපයක් පිළිබඳ අදහස් පළ කළා. විදේශ සේවය පිළිබඳ විගණකාධිපතිවරයා එහිදී දැක්වූයේ මෙවන් අදහසක්.

"මුළු රටම පිළිගන්නවා විදේශ සේවා අකාර්යක්ෂමයි කියලා. ඒ අකාර්යක්ෂම බව තියෙන්නේ වියදමේ නෙමෙයි. ඒ අකාර්යක්ෂමබව තියෙන්නේ එයාලගේ කාර්යක්ෂමතාවයේයි.  විදේශ සේවා තුළින් බලාපොරොත්තු වෙන්නේ රටේ ප්‍රතිරූපය ගොඩ නැගීමයි.  හැබැයි තනාපති කාර්යාල ටික නඩත්තු කරන්න විතරක් 2017 වසරේ බිලියන 08ක් වියදම් කරලා තියෙනවා."