Thursday, March 28, 2024

General line - 0115112241

සයිටම් විරෝධී පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක් - දැඩි වාහන තදබදයක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම අවට මාර්ගයන්හි රථ වාහන තද බදයක් දක්නට ලැබෙනවා.

එය මර්ධනය කිරීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකය විසින් කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ලකොට තිබෙනවා.

කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට ලක් වුණා. විශේයෙන්ම පාසැල් අවසන් වී නිවෙස් බලා යමින් සිටි ප්‍රාථමික පන්තිවල කුඩා දරුවන් මින් දැඩි පීඩාවකට ලක්වුණ බව දක්නට ලැබුණා.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු වටරවුම සිට රාජගිරිය දෙසට වාහන ගමන් ගන්නා මං තීරු වසා දමමින් මාර්ගය මත හිඳගෙන සිටියා. කඳුළු ගෑස් ප්‍රහාරය සහ අධි පීඩන ජල ප්‍රහාරය එල්ලවූයේ එය විසුරවා හැරීම සඳහාය.

මෙම විරෝධතා පා ගමන අද උදෑසන ආරම්භ වුණේ කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලය අසලින්.