Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවේ රැප් ගායකයෙකුට වෙඩි තබා ඝාතනය කරයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ත‍්‍රිබල් එක්ස් ටෙන්ටෙෂන් නමින් ලොව පුරා මෑත කාලයේ ජනප‍්‍රියත්වයට පත්වූ අමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේදීයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 20ක්. 

මතභේදාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් ඔහු එළිදැක්වූ ගීත ඇල්බම ඉකුත් සමයේ ලොවපුරා දැඩි ලෙස කතාබහට ලක් වුණා. ‘‘සෑඞ්’’ නමින් මීට මාස 03කට පෙර නිකුත් කළ ගීතය මේ වනවිට නරඹා ඇති සංඛ්‍යාව මිලියන 181කට අධිකයි. කෙසේ වෙතත් මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 

මේ අතර ස්වීඩනයේ මැල්මෝ නගරයේ අන්තර්ජාල සේවා සපයන ආයතනයක සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආයතනය තුළ සිටි පිරිස ඉලක්ක කර තුවක්කුකරුවෙකු දිගින් දිගටම වෙඩි තබා ඇති අතර මෙය ත‍්‍රස්ත ක‍්‍රියාවක්දැයි මෙතෙක් හෙළි වී නැහැ.