Tuesday, April 23, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව අසරණ කරමින් එංගලන්තය ලෝක වාර්තාවක් පිහිටුවයි

තරංග රුක්ෂාන් ජයසේකර / දිනුක් හේවාවිතාරණ




එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වෙලාවකට පෙර සමත් උනා. ඒ සංචාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති 03 වන එක්දින තරගයේදී.

එහිදී එංගලන්තය තමන්ට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 481 ක් විය.

මෙහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ ඇලෙක්ස් හේල්ස් පන්දු 92ක් තුලදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 147 ක් විය. එමෙන්ම ජොනී බෙර්ස්ටෝ පන්දු 92 කදී ලකුණු 139 ක් වාර්තා කිරීමට සමත් උනා. 

එංගලන්ත කණ්ඩායම සිය ඉණිම තුලදී හයේ පහරවල් 21 ක් සහ හතරේ පහරවල් 41 ක් වාර්තා කරන ලදියි.

එංගලන්ත කණ්ඩායම මේ බිඳ දැමුවේ 2016 වසරේදී පාකිස්ථානයට එරෙහිව ලකුණු 444ක් වාර්තා කරමින් ඔවුන් විසින්ම මිට පෙර වාර්තා කර තිබු ලෝක වාර්තාවයි. එහි විශේෂත්වය වන්නේ මෙම ලෝක වාර්තාවන් පිහිටවුයේ අද තරගය පැවති නොටින්හැම් හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනයේ දී.

ලකුණු 482 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු ඕවර 37 ක් තුලදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුනේ ලකුණු 239 ක් පමණි.  මෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ට්‍රේවිස් හෙඩ් පන්දු 39 කදී ලකුණු 51 ක් වාර්තා කළා. පන්දු යැවීමෙන් එංගලන්ත පිලේ අදිල් රෂිඩ් ලකුණු 47 ට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ඕස්ට්‍රේලියාව පරදවා එංගලන්ත කණ්ඩායම 3 වන එක්දින තරගයෙන් ලකුණු 242 ක ජයක් වාර්තා කිරීමට සමත් විය. එය  ඕස්ටේ‍්‍රලියානු ඉතිහාසයේ ලද දරුණුතම පරාජයයි.