Friday, April 19, 2024

General line - 0115112241

පන්දුවේ හැඩය වෙනස් කළාට චන්දිමාල්ට තරඟ තහනමක්

දිනුක් හේවාවිතාරණ




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගයේ 02 වන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නායක දිනේෂ් චන්දිමාල් හට එක් ටෙස්ට් තරග තහනමක් සහ ඔහුගේ තරග ගාස්තුවෙන් 100% දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා.

දෙවන ටෙස්ට් තරගයේ තරග තීරක වශයෙන් කටයුතු කල ජවගල් ශ්‍රීනාත් සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ නායක දිනේෂ් චන්දිමාල් පන්දුවේ හැඩය වෙනස් කිරීම සඳහා සිය මුඛයේ තබා ගෙන තිබු කෘතීම ද්‍රව්‍යයක් යොදා ගත් බවට රුපවාහිනි දර්ශණ වලදී සටහන්ව ඇති බවයි. " ඔහුගේ කලිසම් සාක්කුවේ තබාගෙන තිබු යම් දෙයක් මුඛයේ දමාගෙන පසුව එය ඇගිල්ලේ ආධාරයෙන් පන්දුව ඔප දැමීමට යොදා ගත් අයුරු රුපවාහිනි දර්ශණ මගින් පෙනී යන බවයි".

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය ද තමන් සතු වීඩියෝ පට ඉදිරිපත් කර ඇති අතර තරග තීරකවරයා වන ජවගල් ශ්‍රීනාත් සඳහන් කර ඇත්තේ තමන්ට තිබෙන කාල රාමුවට අනුව චෝදනා ගොනු කර දඩුවම් පැමිණවීමට කටයුතු කරන බවයි.

දිනේෂ් චන්දිමාල්ට මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබන 23 වනදා බාර්බඩෝස් හිදී ආරම්භ වීමට නියමිත දිවා/රාත්‍රී ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇති.

කෙසේ වුවත් තමන්ට එරෙහිව පැනවූ දඩුවම සඳහා පැය 48 ක් ඇතුලත තරග තිරකවරයාට ලිඛිත අභියාචනයක් ඉදිරිපත් කිරීමට දිනේෂ් ච්න්දිමල්ට අවකාශ හිමිවනවා.

මේ අතර දෙවන ටෙස්ට් තරගයේ 03 වන දිනයේදී පන්දුව මාරු කිරීමට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රකිම සඳහා පිටියට පිවිසීමට ප්‍රමාද කිරීම නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණයට හානි කල බවට චෝදනා කරමින් නායක  දිනේෂ් චන්දිමාල්, කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසින්හ හට ICC ය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.